Sunday, April 26, 2020

සංස්කෘතික ප්‍රවර්ධන වැඩසටහන් 2020




ජනවාරි
කලවාන ප්‍රදේශයේ අභාවයට යන කලාශිල්ප සම්බන්දයෙන් පිටිගලකන්ද ප්‍රදේශවාසීන් දැනුවක් කිරීමක් සිඳු කිරීම.
දිනය-2020/03/14







එදිනම කලවාන බටහිර ළමා සමාජයේ දරුවන් සඳහා සුභාවිත ගීත රසවින්දනය සඳහා හුරුකරවීමක් සිඳුකළා.
දිනය-2020/03/14



පුරාවිද්‍යාව හා ප්‍රාග් ඉතිහාසය සම්බන්දයෙන් ර/මීපාගම ජයන්ති විද්‍යාලයේ දරුවන් සඳහා වැඩමුළුවක් පැවැත්වීම
දිනය-2020/02/28




පෙබරවාරි
තෛපොන්ගල් උත්සවය
කජුගස්වත්ත, කෝපිකෑල්ල හා රඹුක විදුහල් වල සිසු දරුවන් සම්බන්ද කරගනිමින් ඩිප්ඩීන් දෙමළ විද්‍යාලයේදී 202/02/20 දිනපවත්වන ලදී










දෙල්ගොඩ ජනපදයේ ගගන පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන් සඳහා ආදර්ශමත් කථාන්දර හා ගීත හුරුවක් හා දෙමාපිය දැනුවත් 2020/02/27 දින කිරීමක් සිඳුකළා



අප්‍රේල්
අප්‍රේල් 08 දින අඟහිඟ  කලාකරුවන් 05 දෙනෙකු සඳහා ආධාර ලබාදීම


ඒ් පීටර් මහතා



















ජේ.ඒම්.ගුණවර්ධන මහතා

යූ.කේ.ගුණවර්ධන මහතා



















පී.පී.පබිලිස්සිං‌ඤෝ මහතා



















ඩී.ආර්.සාමෙල් මහතා



















ජූලි
කලාභූෂණ සම්සම්මාන ප්‍රදානය සඳහා කේ සේමාරිස් මහතා ඉදිරිපත් කළා





















සැප්තැම්බර්
සැප්තැම්බ්ර 04 දින කලවාන හා බටහිර ග්‍රාම නිලධාරී වසම් වල වැඩිහිටි සමිති ඒකාබද්ධව නීරෝගී මතු පරපුරක් සඳහා දෙශීය ආහාර මැයෙන් වැඩසටහනක් පැවැත්වීම







ලලිතකලාපති සම්මාන ප්‍රදානය සඳහා කොටනකන්ද පී.සැරපින් මහතා ඉදිරිපත් කළා.




















සැප්තැම්බර් 30 වන දින ප්‍රාදේශී්‍ය සාහිත්‍ය තරඟයේ පද්‍ය ගායනා තරඟ පැවැත්වීම , ප්‍රාදේශී්‍ය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී






සැප්තැම්බර් 07 දින කලායතන ආධාර ලබාදීම




ලෝක ළමා දින වැඩසටහන  ර/හඟරංගල විද්‍යාලය 2020/10/02 දින






Sunday, January 13, 2019

කලවානේ වතගොත






හැඳින්වීම

සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 17 කි. ඉන් විශාලත්වයෙන් වැඩිම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ලෙසින් මෙම කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හැඳින්විය හැකි අතරම, භූමි ප්‍රමාණයෙන් වර්ග කි.මි. 263.84 ක් පමණ වේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ විශාලත්වයෙන් හයෙන් එකක් වු මෙම කොට්ඨාශය ග්‍රාම නිලධාරී වසම් 33 කින් යුක්ත වෙයි. ආරම්භයේදී කලවාන ආදායම් පාලක කොට්ඨාශය සඳහා සම්පූර්ණ කුකුලු කෝරළයම අයත් විය.  අනතුරුව අයගම වෙනත් ප්‍රාදේශීය ලේකම්   කොට්ඨාශයක් ලෙස ප්‍රතිසංවිධානය වූයෙන් කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට උඩ පත්තුව හා මැද පත්තුව යන පත්තු දෙක පමණක් අයත් වෙයි.
ජනප්‍රවාදයන් හා පුරාණ ග්‍රාමයන් පිළිබඳව සලකා බැලීමේදී මෙම ප්‍රදේශය ඈත අතීතයේ සිට ජනාවාසව තිබූ බවට සාක්ෂි ඇත.දෙවන රාජසිංහ රජු දවස පරගල නමින් රජවාසල කුකුල් පොරයක් සඳහා ගෙන ගිය කුකුලෙකු අනෙක් කුකුලන් පරදවා ජය ලැබූ බවත්ඉන්පසුව මෙම කෝරළය කුකුල් කෝරළය නමින් ප්‍රසිද්ද වු බවත් ජනප්‍රවාදයේ පවතී.
නුවර යුගයේ  හික්ෂුණී සාසනය පිරිහී ගිය අවධියේ මෙම ප්‍රදේශයේ යම් යම් ස්ථාන වල එවකට සිටි  ගනින්නාන්සේලා සිටි බවට සාක්ෂි ඇත. පන්සල් ගොඩැල්ල ,නනේවෙල , ගනේගොඩ පංසල යන නමින් හැඳින්වෙන ස්ථාන අද ද දැතිය හැකිය.
දකුණේ නෙලුව ,හිනිදුම ,වැනි ස්ථානයන් සමඟ මෙම කෝරලය සම්බන්දකම් පවත්වා ඇති අතර දකුණේ ජනතාව සිංහරාජ වනය හරහා කලවාන රත්නපුර මාර්ගයෙන් සිරිපා වැඳීමට ගිය මං සලකුණු සඳහන් ගැමි කවි අදත් වයස්ගත පුද්ගලයන්ගේ මුඛ පරම්පරාගතව පැවත එනු දැකිය හැකිය.

පිහිටීම
කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය උතුරින් නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සීමාවෙන්ද නැගෙනහිරින් ගොඩකවෙල හා කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සීමාවෙන්ද දකුණින් සිංහරාජ කඳුවැටිය(දකුණු පළාත් මායිම) හා බටහිරින් අගලවත්ත (බස්නාහිර පළාත් මායිම) හා අයගම ප්‍රාදේශීය කොට්ඨාශ මායිමෙන්ද වටවී ඇත.‍

භූවිෂමතාවය

අඩ තැනිතලා කලාපයට අයත් භූමියකි.මුහුදු මට්ටමේ සිට අඩි 805 ක් පුරා විහිදී ඇත.මෙම කලාපය ඊසාන දෙසින් සබරගමු කඳු ප්‍රදේශය ව්‍යාප්ත වෙයි. සබරගමු කඳු පද්ධතියේම ඈතට විහිදුනු හෙල් වැටි සමූහයක් මෙම ප්‍රදේශය හරහා වැටී ඇත. සබරගමු කඳු පද්ධතියට අනුරූපව වයඹ,ගිණිකොණ, දිශානුගතව විහිදී ඇති හෙල් වැටි කිහිපයක්ද මෙහි දැකිය හැකිය.යක්ගහ කන්ද , රජුවන්ගල , ඉළුබකන්ද ඒ අතර කැපී පෙනේ.
මෙම හෙල් වැටි අතරින් රඹුක ගඟ , දෙල්ගොඩ ගඟ හා වැවගම ගඟ ගලා බසී. රක්වාන කඳු වලින් ආරම්භ වන (සබරගමුව කඳු) රඹුක ගඟ, කොස්වත්ත හරහා ගොස් කුකුළු ගඟට එකතු වෙයි. සිංහරාජ ප්‍රදේශයේ ඉළුබකන්ද ප්‍රදේශයෙන් ආරම්භ වන  දෙල්ගොඩ ගඟ  පනාපොළ , වැද්දගල ,දෙල්ගොඩ හරහා ගොස්  කුකුළු ගඟට එකතු වෙයි. කන්දෙ දොළ ,රජ්ජුරුවත්ත දොළ , කලවාන ඇළ හරහා දොළ පහර කිහිපයක්  රඹුක ගඟ පෝෂණය කරයි.
සිංහරාජ ඉසව්වේ පැලවත්ත ප්‍රදේශයෙන්  ගලා බසින වැවගම ගඟ පිටිගලකන්ද හරහා ගොස් කුකුලේ ගඟට  එක්වෙති.
ශ්‍රී ලංකාවේ භූ උපත සම්බන්ධව විධිමත් පරීක්ෂණ වාර්ථාවක් සැපයූ පේරාදෙණිය සරසවියේ භූගෝල විද්‍යා අංශයේ මහාචාර්ය වරයෙකු වූ කුලරත්නම් මහතා ලංකා භූමිය එකවරම සාගරයෙන් මතුවූ බවත් පසු කාලයේ සිදුවූ ප්‍රාදේශීය භූ චලන නිසා අසමාන භූ රූපන ලක්ෂණ ඇතිවූ බවත් දක්වයි. මෙම භූ චලන නිසා සෙසු මොහොරසහිත කඳු දිය ඇලි වැනි යෞවන භූ රූපන ලක්ෂණ ද තැනිතලා  මිටියාවත් වැනි වෘද්ධ රූප ලක්ෂණද සම්මිශ්‍රිතව එකම කලාපයක දක්නට ලැබෙන බව පෙන්වා දෙන ඔහු මධ්‍යම කඳුකරය කොටස් දෙකකට බෙදන බවත් ඉන් එකක් මධ්‍යම කඳුකරය වන අතර අනෙක සබරගමු රක්වාන කඳුකරය වන බවත් පෙන්වා දෙයි.
මේ අනුව භූ ලක්ෂණ අතින් එකම භූගෝලීය කලාපයක් වන මෙය උතුරේ හා දකුණේ ආවේණික කඳුවැටි වලින් වෙන් වූ අන්තර් කලාපයක් වශයෙන් සැකසී ඇති අතර එම කලාපයට අනුරූපී සංස්කෘතික  ලක්ෂණ අතින්ද වෙන්වූ  ප්‍රදේශයක් ලෙසින් පෙනේ.
රක්වාන කඳුවැටි මධ්‍යම කඳුකරයෙන් වෙන්වන්නේ කළුගඟෙ අතුගංගාවක්වන මේ ගඟ ගලා බසින විභේද නිම්නයෙනි. ලංකා භූගෝලීය විද්‍යාව පිළිබඳ ග්‍රන්තයක් සම්පාදනය කළ එල්.සී.කේ.කුක් මහත්මියද මේ අදහස තහවුරැ කර තිබේ.මෙම බුලුතොට රක්වාන හෙල්වල ගිණිකොණ සිට වයඹ දිගට විහිදී යන දකුණු කෙළවරෙහි අඩි 3000 වඩා උස කඳුවැටි පිහිටා තිබේ ගොන්ගල සූරිය කන්ද බුත්කන්ද හා සිංහරාජය ඉන් කිහිපයකි. මෙම බුලුතොට හෙල් සෙසු කඳුවැටි වලින් වෙන් වන්නේ කළුගඟේම අතු ගංගාවක් වන දෙල්ගොඩ ගං නිම්නයෙනි. දෙල්ගොඩ නිම්නයේ සිට ඇති සෙසු කඳුවැටිද ප්‍රපාතාකාරව බෑවුම් වෙමින් කළුගං මිටියාවත දක්වා විහිදී යයි.

දේශගුණය
උෂ්ණත්වය
නිරිතදිග තෙත් කලාපයේ අන්තර් කොට්ඨාශයට ගැනෙන කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වැඩි උෂ්ණත්වයක් ඇති ප්‍රදේශයකි. මෙහි උෂ්ණත්ව අන්තරය සෙල්සියස් අංශක 18-27ක් අතර වෙයි. වර්ශය පුරා මෙම කොට්ඨාශයේ ඒකාකාරී උෂ්ණත්ව රටාවක් පවතී. දෙසැම්බර්, ජනවාරි මාසවල උෂ්ණත්වය තරමක අවම මට්ටමක පවතී.

වර්ෂාව
වසරකට මාස 09 කට ආසන්න කාලයක් වැසි ලැබෙයි. වසරේ මැද වැඩි වර්ශාපතනයක් ඇත. නිරිතදිග මෝසම් සුළඟින් හා සංවහන වැසි ලැබෙන මෙම ප්‍රදේශයේ මැයි, අගෝස්තු දක්වා  නිරිත දිග මෝසම් වැසි ලැබෙයි. මාර්තු, අප්‍රෙල්, සැප්තැම්බර්, ඔක්තෝම්බර් මාසවල සංවහන වැසි ලැබෙයි. කොට්ඨාශයේ සාමාන්‍ය වර්ශාපතනය මි.මි.1000-2500 අතරය. පැහැදිළි වියලි  ඍතුවක් නොපවතින අතර පෙබරවාරි, අගෝස්තු මාස වියලි කාලගුණයක් පවතී. නිරිතදිග මෝසම් පවතින මැයි මාසයේ වර්ෂාව අධිකව ලැබේ. ඊසාන දිග මෝසම්. කාලයේ වර්ෂාව අඩුය. කලාතුරකින් හෝ නියං සමයක් එලැඹෙන්නේ මෙම මෝසම තුලය.

පස
රත්නපුර භූමිය පරීක්ෂා කිරීමේදී ආග්නේය පාෂාණ ගනයට අයත් චානොකයිට්, කොන්ඩලයිට්, ග්‍රැනයිට් හා ස්පටික පාෂාණ, යන මේවා අඩුවැඩි වශයෙන් පිහිටා ඇත. ස්පටික පාෂාණ ගනයට අයත් මැණික් බහුලය. එසේම ස්පටික පාෂාණ ආශ්‍රිත හටගත් මිණිරන් සඳහා අතීතයේදී මෙහි බහුලව ලැබුනද දැන් එය කර්මාන්තයක්  ලෙසින් නොමැත. කලවාන,දෙල්ගොඩ, වැවගම,වැද්දාගල,පොතුපිටිය ආදීපෙදෙස්වල මිණිරන් ගැන ප්‍රසිද්ධය.
උඩපත්තුවේ බුළුතොට රක්වාන හෙල්වල ගෙවීයාමක් පෙන්වන අතර සෙසු කොටස් සබරගමු කඳුවැටි වලට අයත්වේ.මෙහි මායිම දෙල්ගොඩ නිම්නය වේ.එසේඋවද මෙම බෙදීම් නොසලකා රක්වාන කඳුවැටිය හා කළුගං නිම්නය අතර විහිදීගිය කඳුවැටි අතර පිහිටි දිගටි බිම් තීරයකි.අතීතයේදී මෙය දිග්ගම්පොත නමින් හැඳින්වූයේද ඒ නිසාය. වර් සැතපුම් 214 ½  පමණ වූ මෙම බිම්කඩෙහි දිග සැතපුම් 36 ක් වන අතර පළල සැතපුම් 31/2 සිට 8 දක්වා වෙනස් වේ.උතුරු මායිමේ සිට මුහුදු මට්ටම දක්වා අඩි 1000 වඩා උස් ප්‍රෙද්ශවේ.එය උඩපත්තුවේදී අඩි 3000 සීමාවද ඉක්මවයි.
කඳුවැටි වලට මැදිවූ තැනිතලා බිම් උඩපත්තුවේ රඹුක , පොතුපිටිය යන ගම් වලදී පුලුල්වද මැද පත්තුවේදී, ඊටවඩා තරමක් මහත්වද ඇත. මේ ආශ්‍රතව කුඹුරු ගොවිතැන දක්නට ලැබේ.
උඩරටට අයත් ප්‍රදේශයක් ලෙසින් මෙම ප්‍රදේශය සැලකුවත් භූවිද්‍යත්මකව සලකා බලන කල පහත රට තෙත් කලාපයේ(නිරිත දිග)සුලං මුහුණතේ පිහිටි ප්‍රෙද්ශයක් බැවින් වර්ශාව බහුලවේ . ඒ අනුව සිංහරාජය ආශ්‍රතව කොස්වතු ගඟත් එම අඩවියම උප්පත්තිය කරගත් දෙල්ගොඩ ගඟත්,  සිංහරාජයේ බටහිරින් පටන් ගන්නා වැවගඟත් නවංගොඩදී(විශ්කම්ගොඩ)කුකුළුගඟ බවට පත්ව මැදපත්තුව හරහා ගලාගොස් මඟුරු ගඟට වැටේ.
ආදිකාලීන රබර් වගාව බහුලවූ මෙම ප්‍රදේශ වර්ථමානයේ තේවගාව බවට පරිවර්ථනය වී ඇත. 



Monday, January 7, 2019

සබරගමු නැටුම් කලාව



සබරගමුවට ආවේණික සබරගමු නැටුම් කලාව
සබරගමු නැටුම් කලාව වශයෙන් අද අප හඳුන්වන්නේ ශතවර්ෂ 50 ටත් අධික කාලයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට දායාදකර දෙමින් කිසියම් සීමිත පිරිසක් අතර පමණක් රැකුණු අපේ ජාතික උරුමයයි.
වසර පන්දහසක වංශකථා ඉතිහාසයකුත් වසර 2548ක ලිඛිත ඉතිහාසයකුත් ජන්මයෙන්ම උරුම කරගත් ජාතික නැටුම් කලාව කාලයේ පරිනාමයත් සමග විවිධ සංස්කෘතීන් හා ගැටෙමින් පෙලෙමින් සංස්කරණය වෙමින් ජන ජීවිත හා ආබද්ධව විවිධ යාතුකර්ම පසුබිම් කොට ක්‍රමයෙන් සංවර්ධනය වූ අපටම ආවේණික සංස්කෘතික දායාදයක් ලෙස හැඳින්වි හැක. සබරගමු නැටුම් කලාව වශයෙන් අද අපි හඳුන්වන මෙම පැරණි සිහල නැටුම් කලාවේ ඓතිහාසික සංස්කෘතික පසුබිම පිළිබඳ වර්ථමාන උගතුන් හා සෞන්දර්ය අධ්‍යාපන බලධාරීන් දරන ආකල්පමය මතවාද බොහොමයක් මෙම ජාතික උරුමය කිසියම් අව තක්සේරුවක් සඳහා කරනු ලබන ප්‍රයත්නයක් ලෙස හැදින්වීම කළයුතු වේ. මා එසේ ප්‍රකාශකරන්නනේ පැරණි සංහල නැටුම් කලාවේ ඉතිහාසය හා සංස්කෘතික පසුබිම පිළිබඳ ගැඹුරැ අධ්‍යනයක යෙදුනු පුද්ගලයෙකු වශයෙන් හා වසර 45ක් තරම් දීර්ග කාලයක් තිස්සේ කරන ලද පර්යේෂණ අද්දැකීම් ලද්දෙකු වශයෙන් එක්රැස් කරගත් “දත්ත “ අනුසාරයෙනි.

ඒ අනුව සිංහල නැටුම් කලාවේ සාධනීය අංග සහිත ශාස්ත්‍රීය මූලධර්ම තවමත් ප්‍රායෝගිකව ආරක්ෂාවී පවතින්නේ සබරගමු නැටුම් සම්ප්‍රධාය වශයෙන් අද අප හඳුන්වන පැරණි සිංහල නැටුම් ක්‍රමය තුලබව ප්‍රකාශ කළ යුතුය.

තවමත් විධිමත් පර්යේෂණයකට භාජනය නොවූ මෙම ජාතික උරැමය නොයෙකුත් ක්‍රම වලින් ගහන වූවකි. එවැනි මත වාද වලට ගොදුරුකරලීමේ වගකීම සම්පූර්ණයෙන්ම දැරිය යුත්තේ නූතන සෞන්දර්ය විෂය ක්ෂේත්‍රෙ‍යේ බලධාරීන් හා ඔවුන්ගේ අනුගාමික උපදේශකයින් විසිනි.

උඩරට, පහතරට, සබරගමු යන ප්‍රධාන සම්ප්‍රධානාත්‍රයම අපේ ජාතික උරැමයයි. එහි එක් සම්ප්‍රධායක් උසස්ය, තව තව සම්ප්‍රධායක් පහත්ය, එක් සම්ප්‍රධායක් පැරණිය ආදී වශයෙන් කථාකිරීමට බුද්ධිමත් විචාරකයෙකුට අයිතියක් නැත.එහෙත් සිංහල නැටුම් කලාවේ යථාර්තය හෙලි පෙහෙලි කොට අනාගත සුකේෂිත භාවය සඳහා නිවැරදි කොට තැබීම අප කාගේත් යුතුකමකි. එම යුතුකම ඉටුකිරීමට ප්‍රමාණවත් “දත්ත“ හා මූලාශ්‍ර ඇසුරු කිරීමට ලැබුණු දුර්ලබ අවස්ථා ඇගයීමක් වශයෙන් අපේ උරැමයේ අප්‍රකට තොරතුරැ අනාගත පරපුරේ දැනගැනීම සඳහා මෙහි සටහන් කිරීමට මා අදහස් කලෙමි.

දැනට ජාත්‍යන්තර වශයෙන් දියුණුකොටඇති උඩරට වෙස් නැටුම කරළියට පැමිණියේ 1920 න් පසු ශ්‍රී දළදා පෙරහරට වෙස් නැට්ටුවා සම්බන්ද කර ගැනීමෙන් පසුය. දෙල්ගමුවේ රජමහා විහාරයේ සිට මහනුවර දළදා මාලිගාවට වැඩමකළ දන්ත ධාතූන් වහන්සේ උදෙසා කරනලද පෙරහැර පූජා 1926 දක්වාම පෙරහැර න්‍යායික රංගනයෙන් දායකත්වය ලබාදී තිබුනේ සබරගමුව නර්ථන සම්ප්‍රධාය විසිනි. ඒ සඳහාම සකස්වූ විශේෂ නර්ථන සම්ප්‍රධායක් සබරගමු ගුරුපරපුර තුලවිය. 1926දී එවකට දියවඩන නිළමේව සිටි පුංචිබණ්ඩා නුගවෙල මහතා සහ සබරගමු කණ්ඩායම අතර ඇතිවූ මතභේදයක් හේතුවෙන් සබරගමු ගුරු පරපුරු පූජාවෙන් ඉවත්විය.

මඩුවන්වෙළ දිසාව, කලවානේ ශ්‍රී ධර්මාලංකාර අතපත්තු මුදළි, ලොකුබණ්ඩාර, ඇලබට් දෙල්ගොඩ පරපුර යන උසස් යයි සම්මත ගුරුකුල වලට සීමාවී තිබුනු සබරගමු නැටුම අතිශය්න්ම ශාස්ත්‍රීය මූලධර්ම සහිත දෙසිය සොලසක් නෘත්‍යාංගනයන්ගෙන් පරිපූර්ණ නැටුම් ක්‍රමයකි. දළදාපෙරහරින් සබරගමු නැට්ටුවා ඉවත්වූ පසු එම අඩුව පිරවීමට සුදුසු නර්ථන කණ්ඩායමක් සෙංකඩගල නොවීය. මේ හේතුව නිසා පෙරහර කියමන් සහිත නෘත්‍යංග සම්පූර්ණයෙන්ම දළදා පෙරහැරින් ඉවත්ව ගොස් සාමාන්‍ය ජන නැටුම් සහිත ඇසළ උත්සවයක් බවට පරිවර්ථනය විය. මේ හේතුව නිසා කෙසේ හෝ සබරගමු නැටුම් ශාස්ත්‍රීය කොටස හා නෘත්‍යංග විශේෂයෙන්ම වන්නම් නාද මාලා උඩරට නැට්ටුවාට අවශ්‍යවිය.

මෙම කාර්ය සපුරාගැනීමේ වගකීම අල්ගම පරපුර ප්‍රධානව සත්කෝරළය, මොළගොඩ, උඩුනුවර පරපුරැ වලට පැවරිනි. මෙයින් අල්ගම කිරිගනිතා ගුරුතුමා සහ එවකට ළමාවියේ පසුවූ එස්. පනීභාරතයෝ සබරගමු මහ සමන්දේවාලය හරහා කලවාන ගුරුකුල ඇසුරු කරමින් සබරගමු නර්ථණය අභ්‍යාස කළහ. මේ අතර අටකළං කෝරළයේ හිරමඩගම වලවුව ඇසුරුකරමින් 1926 මොළගොඩ අප්පු 1936 උඩුනුවර ආභරණ අප්පු සහ මාදම සිරිසේන යන උඩරට ශිල්පීන්ද 1942 ජෞ.ඊ.සේදමෙන් හා ඌරපල නිළමේ යන ශිල්පීන්ද 1952 උක්කුසාර පළිපාන යන උඩරට ශිල්පීන් සබරගමු නැටුම අධ්‍යනය කරමින් උඩරට නර්ථන සම්ප්‍රධාය සංවර්ධනය සඳහා දායකත්වය දැරීය. මීට සබරගමු ගුරුපරපුරු වලින් ඊ.ඒ.දෙල්ගොඩ, හැරල්ඩ් වේරගම, ගොඩකවෙල බන්දුහාමි, කලවානේ මුදළිහාමි, සන්නස්ගම ඇන්.සිරිබෝහාමි, යන ශිල්පීන් නර්ථණයේ උපදේශකත්වය ඉසිලූ අතර වාදනයෙන් උඩරට මාදන සිරිසේන, පේද්‍රක් ගුරුතුමා, උක්කුසාර පළිපාන යන අයද සබරගමු දවුල් වාදනයෙන් කලවාන අයි.ඩී.රංකිරා, කවුඩුවාවේ ශිල්පා(නිදිමත ගුරා), වැද්දාගල නෝරිස් යන අය උපදේශකත්වය දැරීය. මෙසේ සංස්කරණය කරගත් උඩරට නැටුම් කලාව 1952 වනවිට රජයේ ලලිතකලායතන දක්වා වර්ධනය කරගත්හ.

1954,1958 යන වර්ෂවල තවදුරටත් සංස්කරණය වෙමින් 1962 වර්ශයෙන් ඩබ්.බී.මකුලොලුව, වින්ස්ටන් සෝමපාල වැනි ප්‍රවීන සංගීතඥයන්ගේ මූලිකත්වයෙන් වර්තමානයේ පවතින තත්වයට උඩරට නැටුම් කලාව අනුවර්ථනය කර ගත්හ. මෙම සංස්කරණ වලදී සබරගමු ගුරුමුෂ්ඨි වාදීන් කපටි ශිල්පීන් විසින් ප්‍රකාශ කරන ලද ව්‍යාජ නර්ථණාංග හා ඓතිහාසික තොරතුරු මෙම සංස්කරණයන්හිදී පාදක කොට ගත්හ. එදා ඔවුන් කළ ඒ වරද සෞන්දර්යය අධ්‍යාපන විශය ක්ෂේත්‍රය ගලවා නොදැමිය හැකි පරිදි මුල් බැසගෙන තිබේ. මෙහි යථාර්ථය සමෙකුට ප්‍රායෝගිකව දැනගැනීමට හෝ  අධ්‍යනයකට අවශ්‍ය නම් සබරගමු පළාත්සභාවේ සබරගමු නැටුම් පර්යේෂණ අංශය නිතරම විවෘතව ඇත.(සබරගමු නැටුම් පිළිබඳ පර්යේෂක හා කලාභූෂණ සමිමාන ලාභී ජී.වී අබේරත්න මහතාගේ ලිපියකි)


සබරගමු නැටුම් හා කලවානේ ශිල්පීන්
දේශීය නැටුම් කලාවට උඩරට නැටුම්, පහතරට නැටුම් හා සබරගමු නැටුම් යනුවෙන් තෙවැදෑරැම්ය. ම්න් සබරගමු නැටුම සබරගමුවටම ආවේණික වූ ස්වාදීන නැටුම් විශේෂයක් බවට පිළිගැනේ. මෙහි ආරම්භක ශිල්පියා 18 වන සියවසේ අගභාගයේ විසූ ඓතිහාසික කටුවන මාතර සටනේදී කුකුළු කෝරළයේ සේනාව මෙහෙයවු කලවානේ ධර්මාලංකාර අතපත්තු මුදළිතුමා බව ප්‍රකටය. ඉහත කී සටනේදී පවා ඔහු නැටුම් ශිල්පයේ එන අඩවු, කස්තිරම් උපයෝගී කොටගෙන සටන ජයගත්බව ජනප්‍රවාදයේ ඇත.

පළාබද්දළ ප්‍රතිරාජදේව පිරිවෙන ආශ්‍රිතව වැඩුනු හිමතුරේ නැටුම හා කඩවර ශාන්තිය ප්‍රථමයෙන් හදාළ අතපත්තු මුදළි , වීදාගම හිමියන් විසින් රචිත බලි ශාන්තිකර්ම දඹදෙනි සමයේ සිට පැවතඑන නෘත්‍යංග රාශියක් එක්රැස්කොට සබරගමු නැටුම් පෙළක් සැකසූ බවද දැනගැනීමට ඇත. මෙසේ වර්ධනය වූ සබරගමු නැටුම් කලාව රා.ව.1820 දී පමණ කිරම ධර්මාලංකාර හිමියන්ගේ උපදෙස් මත නයියඩි නැටු හා වන්නම් නැටුම් කිහිපයක් රචනා කරනලදුව, උත්සව නැටුම් සහිත එහි ප්‍රථම සංස්කරණය කලවානේ රාමනායක ආරච්චිලාගේ අප්පුහාමි නැමැති ශිපියෙකු විසින් ප්‍රගුණකොට රා.ව.1872 දී සබරගමු සමන් දේවාලයේ තේවාව සඳහා ඉදිරිපත් කොට ඇත.

ඉන්පසුව ඔහුගේ ශිෂ්‍යවරුන් වන කුරුවිට වස්තුවිදානෙ, කලවානේ ජී.කේ.මුදළිහාමි, තපස්සර මුහන්දිරම්ලාගේ හුරතල්හාමි, ගම්මැද්ද විදානෙලාගේ ඩිංගිරිමහත්තයා, යන ශිල්පීහු සම්ප්‍රධාය ඉදිරියට ගෙන ගියහ. මෙසේ ඇතිවූ සිසු පරපුර 20 වන සියවසේ  මුල්     බාගය වන විට ව්‍යිප්ත විය. ඔවුන් අතර දෙල්ගොඩ මන්තා ගුරුන්නාන්සේ, උඩුගල ගුරුන්නාන්සේ, අරුග්ගොඩ පරම්පරාවේ කැටපත් කුඹුරේ ලොකු අප්පුහාමි, හඟරංගල පී.පී.හරමානිස්, රඹුක පරම්පරාවේ තණබෙල ලොකු අප්පුහාමි, පනහැටගල ලොකුඅප්පුහාමි, ගීකියන කංකානම්ලාගේ පොඩිමහත්තයා, කජුගස්වත්ත පරපුරේ ජෙ.එම්.සිරිසේන, කුකුලේගම ජයවර්ධන ආදීහු වෙති. කෙසේ උවද සබරගමු නැටුමට කිසිඳු උපකාරක ආයතනයක් නැති බැවින් පිරිහීමට ලක්වෙමින් සිටී.

මෙම නැටුම ගොඩනැගී ඇතුතේ මාත්‍රා 5ක නැටුම් පදනම් කොටගෙනය. මෙම මාත්‍රා 5ට අයත් කස්තිරම් තිරුමානම් හා අඩවු වලින් සම්පූර්ණ වන මෙම නැටුම් කලාව කොටස් 4කට බෙදෙන බව පෙනේ. එනම් ආමික උත්සව සම්බන්ද නැටුම්, දෙවියන්ගේ හා නවග්‍රහයන්ගේ පිහිට අපේක්ෂා කරන නැටුම්, යක්ෂයන්ගෙන් සිඳුවන උවදුරු දුරුකරගැනීම සඳහා කෙරෙන ස්තෝත්‍ර හා මංගල උත්සව යනාදිය සඳහා පවත්වන නැටුම් යනුවෙනි.

අවසන් පරම්පරාෙව් ශිල්පීන්
Add caption


Add caption

සංස්කෘතික තොරතුරු

සංස්කෘතික තොරතුරු


දෙසැම්බර්
2019දෙසැම්බර් 05 දින රඹුක විහාරස්ථානයේදී, රඹුක  පාරම්පරි ශිල්පියෙකු වන චමින්ද ගුණවර්ධන හා එම පරපුරේම ඉරේෂා ශිෂ්‍යාව  ශීර්ෂාභරණ පැළඳීම සිඳුකලා.





2018 දෙසැම්බර් 30 දින සවර්ණහංස කලායතනයේ කලඑළි රංගනය





ජනවාරි
2019ජනවාරි 4 හා 5  දිනයන්හිදි කලවාන ප්‍රාෙද්ශීය මහ ලේකම් කාර්යාලය රටටත් ප්‍රදේශවාසී ජනතාවටත් සෙත්පතා පවත්වන්නට යෙදුනු සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව හා සංඝ ගත දක්ෂිණාව




















ප්‍රදේශයේ වියත් කතුවර කලවානේ ජයසේකරයන්ගේ නවතම ශාස්ත්‍රීය ලේඛණ එකතුව 2019 ජනවාරියේදි මුද්‍රණද්වාරයෙන් පිටකරන්නට යෙදුනි. කාලයක් තිස්සේ විවිධ පුවත්පත් වලට ලියන්නට යෙදුනු ලිපි වල එකතුවකි.

කලාකරු හදුනුම්පත් ලදිමි




සංස්කෘතික ප්‍රවර්ධන වැඩසටහන් 2020

ජනවාරි කලවාන ප්‍රදේශයේ අභාවයට යන කලාශිල්ප සම්බන්දයෙන් පිටිගලකන්ද ප්‍රදේශවාසීන් දැනුවක් කිරීමක් සිඳු කිරීම. දිනය-2020/03/14 ...