Monday, December 31, 2018

අපේ ජාතික සංකේත

අපේ ජාතික සංකේත

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනය

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡන
රාජ්‍ය ලාංඡනය භාවිතා කිරීමේ පරම බලය හිමි වී ඇත්‍‍තේ රටේ ආණ්ඩුවටයය. වත්මන් රාජ්‍ය ලාංඡනය හදුන්වා දුන්නේ 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේය.
රාජ්‍ය ලාංඡනයේ ඇතුළත් සංකේත.
සිංහයා:නිර්භීතකම
පුන්කලස:සමෘද්ධිය
ඉර සහ හඳ:චිර ජීවනය
ධාන්‍යකරල්:සශ්‍රීකත්වය
ධර්ම චක්‍රය:ධාර්මිකභාවය සහ සාධාරණත්වය
නෙළුම් පෙති:පිවිතුරුබව හා උතුම්බව
රාජ්‍ය ලාංඡනයේ නිර්මාතෘවරු
ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය ලාංඡනය හදුන්වා දුන්නේ 1972 දී ය. එවකට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් හා රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා ජාතික ධජය නිර්මාණ කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කළ ආචාර්ය නිශ්ශංක විජයරත්න මැතිතුමාගේ මග පෙන්වීම හා උපදෙස් මත නිර්මාණය කලාශූරී මාපලගම විපුලසාර හිමියන්ගේ ය.

ශ්‍රී ලංකා ජාතික කොඩිය (Sri lankan national flag)

ශ්‍රී ලංකාවේ ජාතික කොඩියෙහි, සිංහල ජාතිය හා සැබැඳි පෞරාණික සංකේතය වූ සිංහයා සහ මෙරට වසන දමිළ සහ මුස්ලිම් ජනතාව අඟවන වර්ණ ඇත. එහි ඇති බෝපත් සතර බුදුදහමේ "සතර බ්‍රහ්ම විහරණයන් වන මෙත්තා, , මුදිතා, උපේක්ඛා හෙවත් ධාර්මික භාවය" නිරූපණය කරයි.
ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය 
ජාතික කොඩියේ ඇතුළත් සංකේත.
කඩුවක් අතින් ගත් සිංහයා - සිංහල ජාතිය, සිංහල ජනතාවගේ විනයගරුක බව, නිර්භීතකම, අභිමානය, නායකත්වය හා සාධාරණත්වය විදහා දක්වයි.

රතු පාට පසුබිම

-

අභිමානය
බෝපත් සතර -  මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ ඇතුළු සියලු ආගම්වලට ගරු කිරීමේ උතුම් ගුණය.
තැඹිලි පාට තීරුව - දමිළ ජනතාව
කොළ පාට තිරුව - මුස්ලිම් ජනතාව

ලංකා ජාතික කොඩියේ නිර්මාතෘ කමිටුව

  • ඵස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක (සභාපති)
  • මහාචාර්ය සෙනරත් පරණවිතාන (ලේකම්)
  • ටී. බී. ජයා
  • ජී. ජී.පොන්නම්බලම්
  • ජේ. ආර්.ජයවර්ධන මහතා
  • සර් ලලිත රාජපක්ෂ
  • සර් ජෝන් කොතලාවල මහතා.

 ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය (National flower of Sri Lanka)

නිල් මානෙල් මල (Nymphaea nouchali)

බුදුන් වහන්සෙගෙ සිරි පතුලහි ඇති මගුල් ලකුනු වලින් එකක් වීම.ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙස නිල් මානෙල් මල හදුන්වා දුන්නේ 1986 පෙබරවාරි 26 දින දී ය.නමුත් දැන් ශ්‍රීලංකාවේ ජාතික පුෂ්පය ලෙස මානෙල් මල හදුන් වයි.මෙය තෝරා ගැනීමට පාදක වූ හේතු මෙසේය.
  • සත්‍ය, පිරිසිඳු බව , විනය සංකේතවත් කිරීමට යොදා ගනියි.
  • රාජකීය උත්සව සදහා අනාදිමත් කාලයක සිට මෙම මල භාවිතා කරනු ලැබීම.
  • උපුල්වන් දෙවිඳුන් සමග සම්බන්ධ කෙරෙන පුෂ්පයක් වීම. (මේ දෙවිඳුට ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම භාර වී ඇතැයි විශ්වාසයක් පවතී.)
  • බලවත් රෝග සමනය කිරීමේ සමත් සිසිල් ගුණයක් සහිත ඖෂධීය පුෂ්පයක් වීම.
  • මලේ වක්‍ර වූ පත්‍රවලින් ශුභ සලකුණක් වූ ස්වස්තිකය මූර්තිමත් වීම.
  • නිල් මහනෙල් හි උද්භිද නාමය පෙර දී Nympheae Stellata වූ නමුදු මෙම මලෙහි වත්මන් උද්භිද නාමය Nymphaea nouchali වේ.

ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය (National tree of Sri Lanka)

ජාතික වෘක්ෂය
ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය නා ගස ලෙස හදුන්වා දුන්නේ 1986 වසරේදී ය. එම ගසේ වැදගත්කම් කීපයක් මෙසේය.
  • මංගල, සුමන, රේවත හා සෝභිත යන සිව් බුදුවරුන් බුද්ධත්වය‍ට පත් වූයේ නා ගස් සෙවණේ වීම සහ මෛත්‍රී බුදුන් බුදුබව ලැබීමට නියමිත නා ගස් සෙවනක වීම.
  • ඉතා ශක්තිමත්, අති දීර්ඝ කාලයක් පවත්නා වෘක්ෂයක් වීම නිසා එවන් සවිමත් චිර පැවැත්මක් දේශයට ද ලැබේවා යන පැතුම සංකේතවත් වීම.
  • ඉතා සෞම්‍ය, පියකරු සුවඳක් වහනය වන මල් පිපෙන රුකක් වීම.
  • සර්ප දෂ්ඨය ප්‍රධාන රෝගාබාධ රැසකට ප්‍රතිකාර සඳහා ගනු ලබන ඖෂධ පංචාංගයක් සහිත වීම.
  • නා ගසෙහි විද්‍යාත්මක නාමය - Mesua ferrea

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව (National sport of Sri Lanka)


විසිවන ශතවර්ෂයේ මුල්භාගයේ සිට වොලිබෝල් (Volleyball) ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වී රට පුරාම පැතිර ගියේය. කාන්තා පිරිමි දෙපාර්ශ්වයම කරනු ලබන ක්‍රීඩාවකි. 1941වසරේ නිල වශයෙන් වොලිබෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ 
 ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා (National animal of Sri Lanka)

දඬු ලේනා ගේ විද්‍යාත්මක නාමය Ratufa macroura වන අතර ඉංග්‍රීසි භාෂාවෙන් Giant Squirrel ලෙස හඳුන්වයි. දඬුලේන් විශේෂය ශ්‍රී ලංකාවේ මධ්‍යම හා ඌව ප්‍රදේශවල දැක ගත හැකිය.25cm ක් පමණ දිගින් යුත් දඬු ලේනා ට දිගු වලිගයක්, රවුම් වූ කෙටි කන් හා පළල් වූ අත් ඇත. දුඹුරු රතු අළු හා කළු වර්ණවල් ශරීරයේ දැක ගත හැක. මෙම සත්ත්වයා වඩාත් ක්‍රියාකාරී වන්නේ උදය කාලයේ හා සන්ධ්‍යාවේ මුල් භාගයේදී ය .එක් ගසක සිට 6mක් දුරින් පිහිටි ගසකට පවා පැනීමට හැකි ය. දඬු ලේනා වඳවීමේ තර්ජනයට මුහුණ දෙමින් සිටින සත්වයෙකි. ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා දඬුලේනා වේ

 ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා (National bird of Sri Lanka)

වළි කුකුළා
ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා වළි කුකුළාවේ. මෙම පක්ෂියා තෝරා ගැනීමට පාදක වූ හේතු මෙසේය.
  • මෙම පක්ෂියා ඉතා අලංකාරවත් වර්ණ කීපයකින් සෑදුනු පිහාටු දරණ දැකුම්කලු සතෙකු වීම.
  • ශ්‍රී ලංකාවට පමණක් ආවේණික දේශීය පක්ෂියෙකු වීම.
  • ඵඩිතර සටන්කාමී කඩිසර සතෙකු වීම.
  • කුකුළා, අරුණෝදය හෙවත් ආලෝකය ඵළඹෙන බව කියාපාන දූතයකු වීම.
  • වලි කුකුලාගේ ඉංග්‍රීසි නාමය - Ceylon jungle fowl
ප්‍රමාණයෙන් කුඩා සිරුරක් ඇති වර්ණවත් දිගු පිහටුවලින් යුක්ත පෙදයක් ඇති දිගැටි සත්වයෙකි. වියළි කලාපයට අයත් ප්‍රදේශවල වැඩිපුර දක්නට ලැබේ. තෙත් කලාපිය කදුකර පහත් බිම්වලත් දක්නට ලැබේ.

ශ්‍රී ලංකාවේ ජාතික සමනළයා (National Butterfly of Sri Lanka)

මහ කුරුලු පිය පැපිලි

මහ කුරුලු පිය පැපිලියා, ශ්‍රී ලංකාවේ ජාතික සමනළයා
ශ්‍රී ලංකාවට ආවේණික සමනළයා වන මෙම සමනළයා ශ්‍රී ලංකාව පුරා ම ව්‍යාප්ත වී ඇති සමනළ වර්ගයකි. මෙම සමනළයා ලංකාවේ සිටින විශාලතම සමනළ වර්ගය ද වේ.






ශ්‍රී ලංකාවේ ජාතික ඇඳුම (National dress of Sri Lanka)

මෙය සිංහල, බෞද්ධ, සංස්කෘතිය, භූ ගෝලීය සාධක පදනම් කර ගනිමින් තීරණය වුවකි. 1921 දී පමණ ජාතික ඇඳුම පිලිබඳව යම් එකඟතාවයකට පැමිණි නමුත් 1939 නැවත මතභේද ඇතිවිය. මේ අනුව සිංහල ජනතාවගේ ජාතික ඇඳුම වශයෙන් පිරිමින්ගේ : අත්දිග කමිසය හා වේට්ටිය හෝ සරමත්, කාන්තාවන් සඳහා ඔසරිය හා හැට්ටයත්, ගැහැණු ළමුන් සඳහා ළමා සාරිය හා මන්තය යෙදු හැට්ටයත් අයත් වේ.

ශ්‍රී ලංකාවේ ජාතික මාණික්‍ය/මැණික (National Gem of Sri Lanka)


ශ්‍රී ලංකාවේ ජාතික මාණික්‍ය වන්නේ නිල් මැණිකයි. ඇත අතීතයේ සිටම ලංකාව මැණික්වලට ප්‍රසිද්ධියක් උසුලයි. කල් පැවැත්ම, දුර්ලභ බව, අලංකාරය නිසා ලෝකයේ වටිනාම සම්පතකි. ලෝකයේ වටිනාම නිල් මැණික හමුවී ඇත්තේ රත්නපුර කුරුවිට ප්‍රදේශයෙනි. thumb| නිල් මාණික්‍යය 



No comments:

Post a Comment

සංස්කෘතික ප්‍රවර්ධන වැඩසටහන් 2020

ජනවාරි කලවාන ප්‍රදේශයේ අභාවයට යන කලාශිල්ප සම්බන්දයෙන් පිටිගලකන්ද ප්‍රදේශවාසීන් දැනුවක් කිරීමක් සිඳු කිරීම. දිනය-2020/03/14 ...